
නිල් අහස පුරා උණුසුම සදලා
සැමදා මගේ තාත්තා.....
සෙනෙහස වපුරා මහ මෙර උතුරා
සැමදා මගේ තාත්තා......
(තවු තිසාවෙ සුවද පැනෙන් දෙවු ඔබෙ සෙනෙහසින් නෑවී මා ලෝකය දිනුවා)
සිහිනයේ සැබෑව මට පහාදා
සෙවනැල්ලෙත් නුඹ මා ලග උන්නා
නිදි නැති කප්දුර බොහො සේ ගෙවුනා
ඔබ හින්දා මම ලෝකය දිනුවා
සිනහව කැන්දා කදුලැල් සගවා
නුඹ උන්නා මගේ තාත්තා.....
දෙවිවරු පරදා නුඹ මට සැනසුම
සැදුවා මගේ තාත්තා.....
(ඔබේ පැතුම් මල් මගෙ දෑතේ පිපෙනවා, තාත්තෙ මේ මල් සුවද ඔබ නාහවන්නයි)
නෙතු වෙහෙසා මග බලමින් උන්නා
මා දිනු ලෝකය දෝතට රන්දා
දෙපා මුලින් තබන්න හිතුවා
ආයෙත් නොයෙන්න නුබෙ නෙතු වැසුනා
කොහිදෝ නුබ ඈතක ඇදුනා
ඇදුනා මගේ තාත්තා....
සැනසී හිදින්න මා දැන් දිනුවා
දිනුවා මගේ තාත්තා.....
ගායනය : රොමේෂ් සහ ලක්ෂාන්
මම මේ ගීතය ලියන්න හිතුවේ මේ ගීතය මගෙ ජීවිතය හා බැදුනු ගීතයක් යැයි සිතට දැනෙන නිසයි....මේ ගීතයේ හැම වචනයක්ම මගේ ජීවිතය හා බැදිලා තියනවා කියලා මට හිතෙනවා...
අද මගේ තාත්තා මං ලග හිටියනම් මේ ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙනා මම කියලා මට හිතෙනවා. ඒත් මම එතරම් පිං කරලා නැති කෙනෙක්. මම වාසනාවන්ත වුනා එක පැත්තකින්, ඒ තමයි මේ ලෝකයේ ඉන්න හොදම තාත්තා මට ලැබුන එකට. ඒත් දෙවියන් හොද අයව තමන් ලගට ඉක්මනටම ගන්නවා කියන එක ඇත්ත කියලා තෙරුනේ මගේ තාත්තා මට නැති වුන දවසෙයි. මම මුලු ජීවිත කාලයටම එක දුකක් සිතින් විදවනවා.. ඒ මගේ තාත්තාට මගේ අතින් මගේ යුතුකම් ඉටු කරන්න දෙවියන් මට කාලයක් දුන්නෙ නැති එකට.... තාත්තා අන්තිම වරට මගෙන් ඉල්ලපු ඉල්ලීම මම මැරෙනකම් මට පුලුවන් උපරිම විදියට ඉටුකරනවා...
මගේ තාත්තා ගැන සිතට දැනෙන දේ නම් ලියා ගන්න බැරි තරම් තියනවා. එත් මේ සිතට ඒ දේ හිතන්න ලියන්න තරම් ශක්තියක් නෑ... මම නවතින්නම්.
"මම මතු ඉපදෙන හැම භවයකදීම මගේ තාත්තා නිවන් දකින තුරු මගේම තාත්තා වෙන්න කියලා මම හැමදාම සිතින් ප්රාර්ථනා කරනවා"
මේ ගීතය මගෙත් සිත් ගත් ගීයක්.. තාත්තල ගැන ගිත අඩුයි නේ...
ReplyDelete"මම මතු ඉපදෙන හැම භවයකදීම මගේ තාත්තා නිවන් දකින තුරු මගේම තාත්තා වෙන්න කියලා මම හැමදාම සිතින් ප්රාර්ථනා කරනවා"
මාත් ෴
මම
සොඳුරු සිත
දුක් වෙන්න එපා අයියේ....මෙහෙම තමයි ජීවිතේ...
ReplyDeleteඔයා දිගටම ලියන්නකෝ...
බොහොම ස්තූතියි සොඳුරු සිත මේ අලුත් මුහුණ බලලා යන්න අවාට... තාත්තලා ගැන ලියවෙන ගීත ඇත්තටම අඩුයි.
ReplyDeleteමම,
ReplyDeleteඔව් නංගා ජීවිතේ හැටි.. මොන දේ වුනත් අපි ඒ දේට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මොන දේ වුනත් අපේ ජීවිතත් ඉදිරියට ගලාගෙන යන එක නවතින්නේ නෑනේ. ස්තූතියි නංගා..
"මම මතු ඉපදෙන හැම භවයකදීම මගේ තාත්තා නිවන් දකින තුරු මගේම තාත්තා වෙන්න කියලා මම හැමදාම සිතින් ප්රාර්ථනා කරනවා" ..මගෙ ජීවිතෙ මට ඉන්න ලොකුම ශක්තිය මගෙ අම්මයි අප්පච්චියි..දුක් වෙන්න එපා..ඔයාගෙ තාත්තා ඔයගෙන් ඉල්ලපු ඉල්ලීම ඉටු කරපු දවසට ඔයගෙ තාත්තා ගොඩක් සතුටු වේයි..
ReplyDeleteකදුළු බිංදුව..
ReplyDeleteමම ඒ දේ කොහොම හරි කරනවා. අපි හැමොටම පොඩි කාලේ ඉදලම අපේ ජීවිතයේ ලොකුම ශක්තිය අපේ දෙමව්පියෝ..
බොහෝම ස්තූතියි සිතට දැනෙන දේ කියවන්න ආවාට.