Friday, April 30, 2010

බොරුව


අද මම කියන්න ආවේ මගේ සිතට දැනෙන විදියට මම මේ ලෝකයේ අකමැතිම දෙය ගැන......

බොරුව, ඇයි මේ මිනිසුන් තව කෙනෙක්ට බොරු කරන්නේ. මම කියන් නෑ කෙනෙක්ට යහපත් වෙන තව කෙනෙක්ට කිසිම හානියක් වෙන් නැති බොරුවක් කරන එක වැරදියි කියලා. නමුත් සමහර අය කිසිම තේරුමක්
නැතිව තව කෙනෙක්ට බොරු කරනවා. ඒ බොරුවෙන් එයාට වෙන සෙතකුත් නෑ අනිත් කෙනාට ලැබෙන දෙයකුත් නෑ. හැබයි ඒ බොරුව හින්දා කවදා හරි දවසක ඒ දෙන්න අතර හිත් රිදවීමක් වෙන්න පුළුවන්.

මට කියන්න ඕන ඇත්තට
බොරුවක් හින්දා කාටවත් ප්‍රයෝජනයක් නැතුව හිත් රිදවෙන බොරු ගැනයි. කෙනෙක්ට ඇයි තව කෙනෙක්ට බොරු කියන්නෙ නැතුව ඉන්න බැරි. සමහර අය ඇත්ත කියන්න බැරි හින්දා බොරු කියනවා. ඇයි එහෙම ඇත්ත කියන්න බෑ කියලා බොරු කියන්නේ. ඊට වඩා හොද නැද්ද මුකුත් කියන් නැතුව ඉන්න එක. අනිත් කෙනා අහන හින්දා කියන්න දෙයක් නැති හින්දා බොරු කිව්වා කියල කියනවා. ඇයි ඇහුවම කියන්න බැරිනම් "බෑ මට ඒක එක හෙතුවක් හින්දා කියන්න බෑ" කියලා කියන්න බැරි? අපි බොරුවක් කියන්නම ඕනද? ඒක කියන්න බැරි හෙතුවක් තියනවා නම් කැමතිනම් මේ හේතුව හින්දා මට කියන්න බෑ කියල කියන්න පුලුවන්නේ. මං හිතන් නෑ කවුරුවත් කෙනෙක් කියන්න අකමැති දෙයක් පස්සෙ එලව එලවා අහයි කියලා.

කෙනෙක් බොරුවක් කරන්න ඉස්සෙල්ල ඇයි හිතන්න බැරි මේ කරන බොරුව හින්දා දෙන්නම කවදා හරි අපහසු තාවයකට පත් වෙයි කියලා.
කෙනෙක් කියයි මං බොරුවක් කිව්වෙ එයාගේ හිත සැනසෙන්නනෙ කියලා. ඒ කෙනා දන් නෑ ඒ බොරුව හින්දා අර කෙනාගෙ හිත සැනසෙන්නෙ ටික කාලයයි කියලා. ඒ බොරුව හින්දා කවදා හරි අර කෙනාගෙ හිත රිදෙනවා එදා ඇත්ත කියලා ඒ කෙනාගෙ හිත රිදෙන තරමට වඩා වැඩියෙන්.

ඇයි
අපි තව කෙනෙක්ට බොරුවක් කරන්න නැතුව ඉන්න බැරි. බොරු කියනවට වඩා හොද නැද්ද කට වහගෙන ඉන්න එක. බොරුවක් හින්දා කෙනෙක්ගේ හිතට දැනෙන වේදනාව මේ ලෝකෙ තියන දරුණුම වේදනා වලින් එකක්. මගේ සිතටත් ඒ වේදනාව දැනිලා තියනවා.

අපි දන් නැති කෙනෙක්ට බොරුවක් කලාට මට හිතා ගන්න බැරි සමහර අය තමන්ගේම අම්මට, තාත්තට, බිරිදට, සැමියට, ස
හෝදරයාට, තමන්ගේ ලගම නෑදෑයන්ට, තමන්ගෙ යාළුවන්ට කොහොමද බොරු කරන්නෙ කියලා?????? ඇයි දන්නවද ඒ අය හැමදාමත් අපිත් එක්ක ඉන්න අය හින්දා. කවදා හරි ඒ හින්දා අපි කරන බොරුව අහුවෙන හින්දා. බොරුවට ආයුෂ අඩුයි කියලා තියනවනේ.

ඔන්න එහෙමයි යාළුවනේ මගේ සිතට බොරුව ගැන දැනෙන්නේ. මම බොරුවට කොහොමත් අකමැති කෙනෙක්.

Thursday, April 29, 2010

මේ ලෝකයේ තිබෙන සුන්දරම වචනය මොකද්ද?


ඔන්න යාළුවනේ මගේ සිතට දැනුන දෙයක් ලියන්න ආවා. මගේ පළවන උත්සහය. පටන් ගමුකො එහෙනම්.....

අපි බලමු මේ
ලෝයේ තියන සුන්දරම වචනය මොකද්ද කියලා. කවුරු හරි ඔයාලගෙන් අහනවා මේ ලෝකයේ තිබෙන සුන්දරම වචනය මොකද්ද? කියලා. ගොඩක් වෙලාවට ඔයාලා ගොඩක් අය කියයි "ආදරය" කියලා. තව සමහර අය තව තව උත්තර දෙයි. ඔයාලා මොනවද දෙන උත්තරය?

කවුරු හරි මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් මම දෙන්නෙ එක උත්තරයයි. එ උත්තරය තමයි "අම්මා" . "අම්මා" කියන වචනය තමයි මේ ලොකයේ මම දන්න සුන්දරම වචනය. ඔයලා හිතයි එ ඇයි කියලා. මම කියන්නම් මගෙ හිතට දැනෙන දේ.....

අපි කවුරුත් ඉපදුනාම ජීවිතයේ මුලින්ම කියන වචනය තමයි "අම්මා".. ඒ වචනය ඒ තරම්ම ලස්සන හින්දයි මේ ලෝකයෙ එලිය දැකලා මුලින්ම කවුරුත් "අම්මා" කියලා කියන්නෙ.. ඒ වචනය කොයි තරම් වටිනවද කියලා එකෙන්ම හිතා ගන්න පුලුවන්. ඇත්තටම අපි "ආදරය" කියන වචනය මුලින්ම ඉගෙන ගන්නෙත් අම්මාගෙන්. අපිට මොකක් හරි කරදරයක්, දුකක්, සතුටක් ආවත් අපේ කටට එන වචනය තමයි "අම්මා".. අපි හරියටම හිතලා බැලුවොත් අපි ඉපදුන දවසේ ඉදලා මැරෙනකම්ම අපි වැඩියෙන්ම කියලා තියන වචනය මොකද්ද කියලා.. එකත් මට හිතෙන්නෙ "අම්මා" තමයි.

ඔයාලා මොනවා හිතනවාද මම දන්නෙ නෑ.. ඒත් මට හිතෙන විදියට මෙ ලොකයේ තිබෙන සුන්දරම වචනට තමයි " අම්මා " ..මගේ සිතට දැනෙන දේ මම ලිව්වා.. මේ ලෝකයේ මට තියන වටිනාම වස්තුව මගේ අම්මා.. මම මගේ අම්මාට මගේ පණටත් වඩා ආදරෙයි.......

Wednesday, April 28, 2010

නමෝ විත්තියෙන්.......

ඔන්න යාලුවනේ අද ඉදලා මමත් ඔයලත් එක්ක එකතු වෙනවා. මම ඔයලත් එක්ක එකතු වෙන්න හේතු වුනේ මගේ යාලුවෙක්.. එයා මට එයාගෙ බ්ලොග් එක ගැන කියන්න නම් මට එකක් හදලා ඔයලා ඔක්කොම එක්ක එකතු වෙන්න කිව්වා.. එයාගෙ බල කිරීම මත මමත් එකතු වුනා. හැබයි යාලුවනේ මම බ්ලොග් ගැන දන්නෙ නෑ.. හැබැයි මං බ්ලොග් කියවලා තියනවා... මට මේක කරගෙන යන්න ඔයාලා උදව් කරයි කියලා හිතනවා... මම ලියන එවා හොදද නැද්ද කියලා ඔයාලම තිරණය කරන්න.... එහෙනම් ගිහින් එන්නම්....