Thursday, April 29, 2010

මේ ලෝකයේ තිබෙන සුන්දරම වචනය මොකද්ද?


ඔන්න යාළුවනේ මගේ සිතට දැනුන දෙයක් ලියන්න ආවා. මගේ පළවන උත්සහය. පටන් ගමුකො එහෙනම්.....

අපි බලමු මේ
ලෝයේ තියන සුන්දරම වචනය මොකද්ද කියලා. කවුරු හරි ඔයාලගෙන් අහනවා මේ ලෝකයේ තිබෙන සුන්දරම වචනය මොකද්ද? කියලා. ගොඩක් වෙලාවට ඔයාලා ගොඩක් අය කියයි "ආදරය" කියලා. තව සමහර අය තව තව උත්තර දෙයි. ඔයාලා මොනවද දෙන උත්තරය?

කවුරු හරි මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් මම දෙන්නෙ එක උත්තරයයි. එ උත්තරය තමයි "අම්මා" . "අම්මා" කියන වචනය තමයි මේ ලොකයේ මම දන්න සුන්දරම වචනය. ඔයලා හිතයි එ ඇයි කියලා. මම කියන්නම් මගෙ හිතට දැනෙන දේ.....

අපි කවුරුත් ඉපදුනාම ජීවිතයේ මුලින්ම කියන වචනය තමයි "අම්මා".. ඒ වචනය ඒ තරම්ම ලස්සන හින්දයි මේ ලෝකයෙ එලිය දැකලා මුලින්ම කවුරුත් "අම්මා" කියලා කියන්නෙ.. ඒ වචනය කොයි තරම් වටිනවද කියලා එකෙන්ම හිතා ගන්න පුලුවන්. ඇත්තටම අපි "ආදරය" කියන වචනය මුලින්ම ඉගෙන ගන්නෙත් අම්මාගෙන්. අපිට මොකක් හරි කරදරයක්, දුකක්, සතුටක් ආවත් අපේ කටට එන වචනය තමයි "අම්මා".. අපි හරියටම හිතලා බැලුවොත් අපි ඉපදුන දවසේ ඉදලා මැරෙනකම්ම අපි වැඩියෙන්ම කියලා තියන වචනය මොකද්ද කියලා.. එකත් මට හිතෙන්නෙ "අම්මා" තමයි.

ඔයාලා මොනවා හිතනවාද මම දන්නෙ නෑ.. ඒත් මට හිතෙන විදියට මෙ ලොකයේ තිබෙන සුන්දරම වචනට තමයි " අම්මා " ..මගේ සිතට දැනෙන දේ මම ලිව්වා.. මේ ලෝකයේ මට තියන වටිනාම වස්තුව මගේ අම්මා.. මම මගේ අම්මාට මගේ පණටත් වඩා ආදරෙයි.......

10 comments:

  1. අම්මා කිවුවම සිහියට එන්නෙ සැමදාම සුරක්ෂිතයැයි දැනෙන ආදරයක්. සැබෑවටම සුන්දර වචනයක් තමයි ඒ.

    ReplyDelete
  2. ස්තූතියි Raven සිතට දැනෙන දේ කියවන්න ආවාට...

    ReplyDelete
  3. සිතට දැනෙන දේ....
    අයියේ ඔයා කියන එක හරි.අම්මා කියන වචනේ මොනතරම් නම් සහනයක් දෙනවද නේ හිතට.කොයි තරම් ලොකු ප්‍රශ්නෙක හිටියත්, අතේ මිල මුදල් ගැවසුනත් නැතත්, මුලු ලොකේටම අපි නරක,නපුරු මිනිස්සු වගේ පෙනුනත් අපේ රත්තරං අම්මට අපිව හැමදාමත් පේන්නේ ඒයාගේ අහින්සක දරුවා විදිහට විතරයි.කොච්චර අය අපිට ආදරේ කරන්න හිටියත් අපි ගැන නොවෙනස් වන ආදරයක් හැමදාම හිතේ දරන් ඉන්නේ අපේ අම්මා විතරයි කියලයි මට හිතෙන්නේ.
    බුදුන් වහන්සෙත් දේශනා කරලා තියෙන්නේ මෛත්‍රි වඩන විට මවක් තම එකම පුතාට ආදරය කරුණාව දක්වන්නේ කොහොමද ආන්න ඒ ආකාරයට අනුන් කෙරෙහි මෛත්‍රි වඩන්න කියලා.(මං හරි නේ අයියේ, මේ ලියපු ඒකෙ වැරැද්දක් තියෙනවනම් අමනාප නොවී සුහදව පෙන්නන්න)
    දිගටම ලියන්න අයියා.අපි එනවා ඔයාව කියවන්න.

    ReplyDelete
  4. ස්තූතියි නංගා.. ලස්සන comment එකක්...කිසිම වැරද්දක් නෑ.. 100% ඇත්ත... මම Post කල එකට වඩා නංගාගේ comment එක ලස්සනයි... :)

    ReplyDelete
  5. අම්මගෙ ආදරේ ගැන කියන්න වචන නෑ ඉතින්...

    ReplyDelete
  6. ඔව් සුදු මහත්තයා.අම්මාගේ ආදරය වචන වලින් කියන්න බෑ.. බොහොම ස්තූතියි සිතට දැනෙන දේ කියවන්න ආවාට..

    ReplyDelete
  7. අම්මා තමයි වචනෙ... අම්මා තමයි... එක... ආදරෙ ඉට ගොඩාක් පස්සෙ එන වචනයක්.................

    ReplyDelete
  8. ඔව් රවා ඒක ඇත්ත.... බොහෝම ස්තූතියි සිතට දැනෙන දේ බලන්න ආවාට... ඔබට ජය!

    ReplyDelete
  9. ඈත්තටම අම්මා කියන්නෙ ගොඩක් උතුම් චරිතයක්..ඈත්තටම පිරිමි ලමයෙකුගෙ ප්‍රතම ප්‍රෙමය අම්මා..හරියටම බෑලුවම අපේ ආරක්ශකයා,ඉස්සෙල්ලම කන්න දෙන්නෙත් අම්මා..මෙවගෙ කරන 7ක් එකපාර කරන කෙනෙක් අපෙ අම්මල..හරිම ලස්සනයි..

    ReplyDelete
  10. ඔව් කදුළු බිංදුව ඔයා කියන එක ඇත්ත. අම්මා තමයි අපේ හැමදේම.
    බොහෝම ස්තූතියි.

    ReplyDelete