
අද මම කියන්න ආවේ මගේ සිතට දැනෙන විදියට මම මේ ලෝකයේ අකමැතිම දෙය ගැන......
බොරුව, ඇයි මේ මිනිසුන් තව කෙනෙක්ට බොරු කරන්නේ. මම කියන් නෑ කෙනෙක්ට යහපත් වෙන තව කෙනෙක්ට කිසිම හානියක් වෙන් නැති බොරුවක් කරන එක වැරදියි කියලා. නමුත් සමහර අය කිසිම තේරුමක් නැතිව තව කෙනෙක්ට බොරු කරනවා. ඒ බොරුවෙන් එයාට වෙන සෙතකුත් නෑ අනිත් කෙනාට ලැබෙන දෙයකුත් නෑ. හැබයි ඒ බොරුව හින්දා කවදා හරි දවසක ඒ දෙන්න අතර හිත් රිදවීමක් වෙන්න පුළුවන්.
මට කියන්න ඕන ඇත්තටම බොරුවක් හින්දා කාටවත් ප්රයෝජනයක් නැතුව හිත් රිදවෙන බොරු ගැනයි. කෙනෙක්ට ඇයි තව කෙනෙක්ට බොරු කියන්නෙ නැතුව ඉන්න බැරි. සමහර අය ඇත්ත කියන්න බැරි හින්දා බොරු කියනවා. ඇයි එහෙම ඇත්ත කියන්න බෑ කියලා බොරු කියන්නේ. ඊට වඩා හොද නැද්ද මුකුත් කියන් නැතුව ඉන්න එක. අනිත් කෙනා අහන හින්දා කියන්න දෙයක් නැති හින්දා බොරු කිව්වා කියල කියනවා. ඇයි ඇහුවම කියන්න බැරිනම් "බෑ මට ඒක එක හෙතුවක් හින්දා කියන්න බෑ" කියලා කියන්න බැරි? අපි බොරුවක් කියන්නම ඕනද? ඒක කියන්න බැරි හෙතුවක් තියනවා නම් කැමතිනම් මේ හේතුව හින්දා මට කියන්න බෑ කියල කියන්න පුලුවන්නේ. මං හිතන් නෑ කවුරුවත් කෙනෙක් කියන්න අකමැති දෙයක් පස්සෙ එලව එලවා අහයි කියලා.
කෙනෙක් බොරුවක් කරන්න ඉස්සෙල්ල ඇයි හිතන්න බැරි මේ කරන බොරුව හින්දා දෙන්නම කවදා හරි අපහසු තාවයකට පත් වෙයි කියලා. කෙනෙක් කියයි මං බොරුවක් කිව්වෙ එයාගේ හිත සැනසෙන්නනෙ කියලා. ඒ කෙනා දන් නෑ ඒ බොරුව හින්දා අර කෙනාගෙ හිත සැනසෙන්නෙ ටික කාලයයි කියලා. ඒ බොරුව හින්දා කවදා හරි අර කෙනාගෙ හිත රිදෙනවා එදා ඇත්ත කියලා ඒ කෙනාගෙ හිත රිදෙන තරමට වඩා වැඩියෙන්.
ඇයි අපි තව කෙනෙක්ට බොරුවක් කරන්න නැතුව ඉන්න බැරි. බොරු කියනවට වඩා හොද නැද්ද කට වහගෙන ඉන්න එක. බොරුවක් හින්දා කෙනෙක්ගේ හිතට දැනෙන වේදනාව මේ ලෝකෙ තියන දරුණුම වේදනා වලින් එකක්. මගේ සිතටත් ඒ වේදනාව දැනිලා තියනවා.
අපි දන් නැති කෙනෙක්ට බොරුවක් කලාට මට හිතා ගන්න බැරි සමහර අය තමන්ගේම අම්මට, තාත්තට, බිරිදට, සැමියට, සහෝදරයාට, තමන්ගේ ලගම නෑදෑයන්ට, තමන්ගෙ යාළුවන්ට කොහොමද බොරු කරන්නෙ කියලා?????? ඇයි දන්නවද ඒ අය හැමදාමත් අපිත් එක්ක ඉන්න අය හින්දා. කවදා හරි ඒ හින්දා අපි කරන බොරුව අහුවෙන හින්දා. බොරුවට ආයුෂ අඩුයි කියලා තියනවනේ.
ඔන්න එහෙමයි යාළුවනේ මගේ සිතට බොරුව ගැන දැනෙන්නේ. මම බොරුවට කොහොමත් අකමැති කෙනෙක්.
